Course එකට ආපසු

Environment Check

15 මිනිත්තු🏋️Activity

Environment Check (වැඩපොළ පරීක්ෂා කිරීම)

අපි ඉස්සරහට යන්න කලින්, අපේ "වැඩපොළ" (Environment) හරියට හදාගෙන ඉන්න ඕනේ. නැත්නම් පස්සේ කාලෙක:

  • තේරුමක් නැති errors එනවා
  • ලෙඩේ හොයන්න පැය ගාණක් නාස්ති වෙනවා
  • එපා වෙනවා

දැන් විනාඩි 10ක් අරගෙන මේ ටික check කරගත්තොත්, පස්සේ එන පැය ගාණක හිසරදෙන් බේරෙන්න පුළුවන්!


VS Code Check

VS Code ඕපන් කරගෙන මේ ටික එකින් එක බලන්න:

VS Code Verification

0/7

Node.js Check

VS Code Terminal එකේ මේවා ගහලා බලන්න:

Bash
node --version

එන්න ඕනේ: v18.x.x හෝ v20.x.x වගේ එකක්

Bash
npm --version

එන්න ඕනේ: 9.x.x හෝ 10.x.x වගේ එකක්

Node.js Verification

0/2

Git Check

VS Code Terminal එකේ මේක ගහන්න:

Bash
git --version

එන්න ඕනේ: git version 2.x.x වගේ එකක්

Bash
git config user.name

එන්න ඕනේ: ඔයාගේ නම

Bash
git config user.email

එන්න ඕනේ: ඔයාගේ email එක

Git Verification

0/3

Screenshot Challenge

මේ ඔක්කොම එක පාර පෙන්නන තනි Screenshot එකක් ගන්න:

  1. VS Code ඕපන් කරලා තියන්න
  2. Terminal එක පේන්න තියන්න
  3. මේ command ගහන්න:
PowerShell (Windows)
echo "Node: $(node --version)"; echo "npm: $(npm --version)"; echo "Git: $(git --version)"

එතකොට මේ වගේ එකක් එයි:

Text
Node: v20.10.0
npm: 10.2.3
Git: git version 2.43.0

අන්න ඒක Screenshot ගහගන්න!

මේක තමයි ඔයාගේ වැඩපොළ ලෑස්තියි කියන සහතිකය.


Troubleshooting Quick Reference


Final Verification Checklist

🏁 Complete Environment Check

0/10

සුබ පැතුම්! 🎉

හැමදේම හරි නම්:

නියමයි! ඔයාගේ වැඩපොළ දැන් ලෑස්තියි!

දැන් ඔයා ළඟ තියෙනවා:

  • ✅ Professional Code Editor එකක් (VS Code)
  • ✅ JavaScript run කරන්න පුළුවන් බලයක් (Node.js)
  • ✅ ඕන packages බාගන්න පුළුවන් ක්‍රමයක් (npm)
  • ✅ කෝඩ් මතක තියාගන්න system එකක් (Git)
  • ✅ වැඩ ලේසි කරන ගැජට් (Extensions)

ලෝකේ ඉන්න ඕනම වැඩ්ඩෙක් පාවිච්චි කරන්නෙත් මේ ටිකම තමයි!


පාඩමේ සාරාංශය

ඔයා verify කරපු දේවල්:

  • ✅ VS Code + Extensions
  • ✅ Node.js + npm
  • ✅ Git + Configuration

ඇයි මේක කළේ?

ඉදිරි lessons වලට problems නැතුව යන්න development environment එක ready ඉන්න ඕනේ. දැන් ඔයා ඒකට ලෑස්තියි!


ඊළඟ පාඩම

දැන් මැෂින් එක ලෑස්ති නිසා, අපේ පලවෙනි local project එක පටන් ගමු! First HTML file එක locally create කරලා run කරන්න යමු.